බංග්ලාදේශ ක්රිකට් ණ්ඩායමේ ප්රධාන පුහුණුකරු වශයෙන් චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත්රාත්තුව 2019 තෙක් දීර්ඝ කිරීමට බංග්ලාදේශ ක්රිකට් ආයතය කටයුතු කර තිබේ.
ඒ අනුව ඔහු 2019 වසරේ එංගලන්තයේ හා වේල්සයේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය අවසන් වන තෙක් බංග්ලාදේශ කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ඇත.
2014 වසරේ මැයි මාසයේදී හතුරුසිංහ වසර දෙකක කාලයක් සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු වශයෙන් තනතුර බාර ගත් අතර ඔහුගේ මෙහෙයවීම යටතු එක්දින තරග 29න්18ක් ජයගත්තේ එක්දින තරගාවලි පහක ජයක්ද සමගිනි.
එසේම බංග්ලාදේශ ක්රිකට් ඉතිහාසයේ පළමු වරට පසුගිය වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි අතර මේ වසරේ පැවැති ආසියානු කුසලාන විස්සයි20 තරගාවලියේ අනුශූරතාව දිනාගැනිමටත් බංග්ලාදේශ කණ්ඩායම සමත්වූයේ හතුරුසිංහ මහතාගේ මගපෙන්නවීම යටතේයි.