2015 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා 30 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය ඊයේ (07දා) නම් කළේය.
මේ ක්‍රීඩකයන් අතරින් අවසන් වශයෙන් තෝරාගන්නා ක්‍රීඩකයන් 15 දෙනා එළැඹෙන ජනවාරි මස 07දාට ප්‍රථමව නම් කළ යුතුව ඇත.ලෝක කුසලාන තරගාවලිය නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන හෙයින් මෙම සංචිතයේදී වේග පන්දු යවන්නන්ට වැඩි ඉඩක් වෙන්ව තිබේ.
කෙසේ වෙතත් දිල්හාර පෙරේරාට ස්ථානයක් හිමිවීනොමැත. දකුණතින් දඟ පන්දු යවන්නන් කිහිපදෙනෙකුම සංචිතයට ඇතුළත් වුවත් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයෙකුට ඇතුළත්ව ඇත්තේ රංගන හේරත් පමණි. ඔහු අබාධයකට ලක්වුවහොත් ඔහුට ආදේශකයෙක් කණ්ඩයාමට ඇතුළත්වීනොමැත.
උපුල් තරංග, දිනේෂ් චන්දිමාල් හා ෆර්විශ් මහරූෆ්ද සංචිතයේ ඉඩක් වෙන්කර තිබේ. රමිත් රඹුක්වැල්ලද කණ්ඩායටම කැඳවා තිබේ.
එසේම සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත සකස්කරගෙන තිබෙන එහෙත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වාර්තාව තවමත් ලැබීමට තිබෙන දග පන්දු යවන ක්‍රීඩක සචිත්ර පේරේරාද සංචිතයට කැදවා තිබේ.
මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අනුමැතිය ලැබී තිබෙන බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකා සංචිතය
01.ඇන්ජලෝ මැතිව්ස් (නායක), 02. තිලකරත්න ඩිල්ෂාන්, 03. ළහිරු තිරිමාන්න, 04. කුමාර් සංගක්කාර, 05. මහේල ජයවර්ධන, 06. කුසල් ජනිත්, 07. උපුල් තරංග, 08. දිමුත් කරුණාරත්න, 09. දිනේෂ් චන්දිමාල්, 10. අශාන් ප්‍රියන්ජන්, 11. කිත්රුවන් විතානගේ, 12. නිරෝෂාන් දික්වැල්ල, 13. රංගන හේරත්, 14. ඩිල්රුවන් පෙරේරා, 15. අජන්ත මෙන්ඩිස්, 16. සචිත්ර සේනානානායක, 17. සීක්කුගේ ප්‍රසන්න, 18. ජීවන් මෙන්ඩිස්, 19. පී.එච්.ඩී. කෞෂාල්, 20. රමිත් රඹුක්වැල්ල, 21. සුරංග ලක්මාල්, 22. නුවන් කුලසේකර, 23. ලසිත් මාලිංග, 24. ධම්මික ප්‍රසාද්, 25, ශමින්ද එරංග, 26. තිසර පෙරේරා, 27. ෆර්විශ් මහරූෆ්, 28. නුවන් ප්‍රදීප්, 29. ළහිරු ගමගේ, 30. ලක්ෂාන් සඳකැන්