1996 වසරේදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අකමැති පුද්ගලයෙක් නොමැති තරම්ය.
ලෝක කුසලානය දිනා වසර 20කට ආසන්න කාලයකට ළගා වෙමින් සිටියත් එම කණ්ඩායමට ඇති ජනතා ප්‍රසාදය තවමත් අඩුවක් නැත.
1996 කණ්ඩායම නැවත හමුව තිබේ. එම හමුවේ ජායාරූපයක් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඊයේ (20දා) සිය ෆේස් බුක් ගිණුමට එක්කොට තිබුණි.
නමුත් එම ඡායාරූපයට අසංක ගුරුසිංහ, අර්ජුණ රණතුංග, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන් එසේම සංචිතයට අතුළත්ව සිට මාවන් අතපත්තුද ඡායාරූපයට ඇතුළත් නොවේ.
උපුල් චන්දන, රොමේෂ් කලුවිතාරණ, රොෂාන් මහානාම, කුමාර් ධර්මසේන, චමින්ද වාස්, රවීන්ද්‍ර පුෂ්පකුමාර, හෂාන් තිලකරත්න, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, අරවින්දද සිල්වා ඡායාරූපයේ ඇතුළත්වෙති.