18 න් පහළ බාලක ශූරතාව මීගමුව ශාන්ත ජෝශප් වාස් විදුහලටත් එම කාණ්ඩයේම බාලිකා ශූරතාව ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයටත් හිමි කර දෙමින් 2016 ඩී.එස් අයි. සුපර්ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලිය ඊයේ (16) මහරගම තරුණ සේවා සභා ක්රීඩාගාරයේදී නිමාවට පත් විය.
මෙහි පිරිමි අවසන් තරගයේදී ශා.ජෝශප් වාස් විදුහල විසින් නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලය තරග වට 3-2 ක් ලෙසින් පරාජයට පත් කළ අතර බාලිකා අවසන් තරගයේදී ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය විසින් නාත්තණ්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විදුහල් කණ්ඩායම තරග වට 3-0 ක් ලෙසින් පහසුවෙන් පරාජයට පත් කරන ලදී.
එමෙන්ම එදින පැවති අනෙකුත් තරග වලින් ජය ගනිමින් 16 න් පහළ බාලක ශූරතාව හිමි කර ගැනීමට මාරවිල ශාන්ත සේවියර් විද්‍යාලය සමත් වූ අතර එහි බාලිකා ශූරතාව හිමි වූයේ ආනමඩුව මහඋස්වැව රතනපාළ මහා විද්‍යාලයටයි.
මෙහි 14 න් පහළ ඉසව්වේ අවසන් තරග පෙරේදා (15) පැවති අතර එම ඉසව්වේ බාලක ශූරතාව රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය විසිනුත් බාලිකා ශූරතාව අම්පාර උහන තිස්සපුර විද්‍යාලය විසිනුත් හිමි කර ගන්නා ලදී.
අවසන් තරගයන්හි ප්‍රධාන ආරාධිතයා ලෙසින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහභාගි වූ අතර මෙහිදී 2016 වසරේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ කේ.නිමේෂ් පියුමන්තටත් දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලයේ නිමේෂිකා සෙව්වන්දිටත් හිමි විය.
18 න් පහළ බාලක අවසන් තරගයේ අවස්ථාවක්