සංචාරක ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය පන්දුවාර 90කදී කඩුලු 06 ක් දැවී ලකුණු 279 ක් රැස් කරගෙන සිටියේය. නොදැවී කඩුල්ලේ රැඳී සිටි ජොනී බෙයාස්ටෝ ලකුණු 107ක්ද, ක්‍රිස් වෝක්ස් ලකුණු 23ක්ද රැස් කරගෙන සිටියහ.මෙය බෙයාස්ටෝගේ තෙවැනි ටෙස්ට් ශතකය විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ඇලෙක්ස් හේල්ස් හා නායක ඇලෙස්ටෙයාර් කුක් ලකුණු 56 ක සබඳතාවක් ගොඩනැංවූහ. කෙසේ වෙතත් එම සබඳතාව අවසන් කිරීමට රංගන හේරත් සමත් වූයේ ලකුණු 18 ක් ලබා සිටි ඇලෙක්ස් හේල්ස් දවාගනිමිනි. ඉන් අනතුරුව පිටියට පිවිසි නික් කොම්ටන් හා ජෝ රූට්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටිමට ඉඩ ලබා නොදුන් සුරංග ලක්මාල්, මුළු ලකුණු සංඛ්‍යාව 67 ක් වනවිටදී කොම්ටන් ලකුණු 03කටත්, මුළු ලකුණු සංඛ්‍යාව 71 ක් වනවිදී ජෝ රූට් ලකුණු 03කටත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.ඉන්පසු ජේම්ස් වින්ස් ටද ලබා ගත හැකි වූයේ එක ලකුණක් පමණි.
කෙසේ වෙතත් ඉන් පසු කුක් සමගින් එක්වූ බෙයාර්ස්ටෝ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක ස්ථාවර සබඳතාවක් ගොඩ නැංවූ අතරකුක්ගේ දැවී යාමත් සමගින් බෙයාස්ටෝ සමගින් එක් වූ මොයින් අලි ලකුණු 63 ක සබඳතාවක් හයවැනි කඩුල්ල වෙනුවෙන් එක් කරමින් එංගලන්ත ඉනිම ස්ථාවර කරවීය. කෙසේ නමුත් ජොනී බෙයාස්ටෝ ලකුණු 56 ක් ලබා සිටි අවස්ථාවේදී ෂමින්ද එරංගගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ නමුත් පිටියේ විනිසුරු විසින් එය නොදැවී යාමක් ලෙස සනිටුහන් කළ අතර, පසුව එය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් තෙවැනි විනිසුරුගේ පුනරූපනයට භාජනය කළ විටදීද දැවීයාමක් ලෙසින් දැක්විණි. කෙසේ නමුත් එහි අවසන් තීරණයේදී නැවතත් පිටියේ විනිසුරුවරයා තීරණය කළේ බෙයාස්ටෝ නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙසිනි. තරගාවලියේ පළමු තරග ද්විත්වයේ ජය හිමි කරගනිමින් එංගලන්තය මේ වනවිට තරගාවලි ජය හිමි කරගෙන සිටියි.