ශ්‍රී ලංකාව සමගින් පැවත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ජය තරගාවලිය නිමාවීමටත් පෙරම හිමි කරගැනීමට එංගලන්තය සමත් විය. ඒ දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු09 ක ජයක් හිමි කරගනිමිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 79 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිතිකරුවෝ සිය දෙවැනි ඉනිමේ 23 වැනි පන්දුවාරයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාව ඉක්මවා ගියහ. එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය නායක ඇලෙස්ටෙයාර් කුක් නොදැවී ලකුණු 47 ක් රැස් කළේය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය සිය පළමු ඉනිම සඳහා කඩුලු09 ක් දැවී ලකුණු 498 ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 101 ක් පමණි. ඉන් අනතුරුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 475 ක් රැස් කළහ.
තරගාවලියේ පළමු තරගයේ ජය හිමි කරගැනීමට සමත් වූයේද එංගලන්තයයි.
එංගලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියකදී තරග දෙකක් ජයග්‍රහණය කළේ වසර 14කට පසුව වීමද විශේෂත්වයකි.