එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ (LV= County Championship Division Two) සරේ ක්‍රීඩා සමාජය නියෝජනය කරන කුමාර් සංගක්කාර එම ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් මෙම තරගාවලියේ වාර්තා කළ 05 වැනි ශතකයද වාර්තාකිරීමට ඊයේ (23දා) සමත්විය.
ලන්ඩන්හි කෙනිංග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයකදී නොදන්හැම්ප්ශෙයර් ක්‍රීඩා සමාජයට එරෙහිව පන්දු 140 කදී ලකුණු 101 ක් රැස්කිරීමට සංගක්කාර සමත්වූ අතර, එහි හතරේ පහර 13 ක් හා එක් හයේ පහරක් ඇතුළත් වෙයි.
මේ වනවිට සරේ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග 11කට ක්‍රීඩාකර ඇති සංගක්කාර ලකුණු 861 ක් රැස්කර ඇති අතර, එහි ලකුණු රැස්කිරීමේ සාමාන්‍ය 47.83 ක් වේ. මේ වනවිට මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේද පෙරමුණෙහි සංගක්කාර නියෝජනය කරන සරේ කණ්ඩායම පසුවන අතර, එම කණ්ඩායම තරග 15කට ක්‍රීඩාකර ඉන් තරග 08 ක් ජයගෙන එක් තරගයක් පරාජය වී ඇත. ඊට අමතරව තරග 06ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.