බිඳ වැටුණු වාර්තාවල සනත් සලකුණ
වාර්තා තිබෙන්නේ බිඳ වැටීමය. නමුත් සති දෙකකටත් අඩු කාලයක් තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිහිටුවා තිබූ ලෝක වාර්තා දෙකකි බිඳ වැටීම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට නම් තරමක අසතුටුදායක සිදුවීමක් විය.
ශ්‍රී ලංකාව විසින් එක්දින පිටියේ වැඩිම ලකුණු රැස්කළ කණ්ඩායම ලෙස පිහිටුවා තිබූ වාර්තාව එංගලන්තය විසිනුත්, විස්සයි20 පිටියේ වැඩිම ලකුණු රැස්කළ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පිහිටුවා තිබූ වාර්තාව ඔස්ට්‍රේලියාව විසිනුත් බිඳ දැමීම ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන්ව තිබූ නමුත් බිඳ වැටුණු වාර්තා දෙක විය.
එක්දින පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තයට එරෙහිව වැඩිම ලකුණු (443/9) රැස්කරමින් පිහිටුවා තිබූ වාර්තාව එංගලන්තය විසින් පසුගියදා බිඳ දැමුවේ පාකිස්තානයට එරෙහිව ලකුණු 444/3ක් රැස්කරමිනි.
එසේම විස්සයි20 පිටියේ වැඩිම ලකුණු (260/6) රැස්කළ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පිහිටුවා තිබූ වාර්තාව ශ්‍රී ලංකාවටම එරෙහිව ශ්‍රී ලංකාවේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම බිඳ දැමුවේ ලකුණු 263/3 ක් රැස්කරමිනි.
කෙසේ නමුත් ටෙස්ට් ඉනිමක කණ්ඩායමක් තබා ඇති වාර්තාව ඉදිරියෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නම තවමත් තිබේ. ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායමට එරෙහිව එම වාර්තාව පිහිටුවා තිබෙන්නේ කඩුලු හයට ලකුණු 952ක් රැස්කරමිනි.
ශ්‍රී ලංකා කණ්ඩායම පිහිටුවා තිබූ මෙම වාර්තා සියල්ලේම නියමුවා බවට පත්වීමට හිටපු නායක මෙන්ම වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය කටයුතු කර තිබුණි. ඒ එම වාර්තා පිහිටුවන විට සෑම ඉනිමකම පාහේ ඔහු වැඩිම ලකුණු රැස්කරමිනි.
ටෙස්ට් තරගයේ ලකුණු 340, එක්දින තරගයේදී ලකුණු 157ක් හා විස්සයි20 තරගයේ ලකුණු 88 ක් සනත් රැස්කරගෙන ඇත.
ටෙස්ට් ඉනිම
එක්දින ඉනිම
විස්සයි20 ඉනිම
.jpg)

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

