ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ පොලිස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 29-13 ක පහසු ජයක් වාර්තා කිරීමට හැව්ලොක්ස් කණ්ඩායම සමත් විය.කොළඹ හැව්ලොක්ස් ක්රීඩාංගණයේදී ඊයේ (06) පැවති මෙම තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකම යම් උදාසීන ක්රීඩා විලාශයක යෙදුනු අතර ඒ අනුව පළමු අර්ධය අවසනදී පොලිස් කණ්ඩායම දඩුවම් පහර දෙකක් සාර්ථක කර ගනිමින් ලකුණු 6 ක් රැස්කරද්දී හැවිලොක්ස් සාර්ථක කර ගත්තේ එක් උත්සාහක දිනුමක් (ලකුනු 5) පමණි. කෙසේ නමුත් දෙවැනි අර්ධයේදී සිය ක්රීඩා රටාව තවත් දැඩි කළ හැව්ලොක්ස් ක්රීඩකයෝ ගෝල දිනුම් 3 ක් හා එක් දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් තවත් ලකුනු 24 ක් සිය ලකුණු පුවරුවට එක් කර ගත් අතර පොලිස් ක්රීඩකයින්ට එහිදී සාර්ථක කර ගැනිමට හැකිවූයේ එක් ගෝල දිනුමක් පමණි.