මලල ක්‍රීඩා ඉසව්හි දක්ෂතා දක්වමින් ජාත්‍යන්තරයේදී ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වෙනුවෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹින් නිවාස දෙකක් පරිත්‍යාග කරන ලදී.
නිමාලි ලියනආරච්චි හා තුෂාරි අබේරත්න මෙම නිවාස ලාභීහු වෙති. අඟුලාන සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා නිවාස දෙකක් ඔවුන් වෙනුවෙන් පසුගියදා පිරිනැමිණි.
මෙම ක්‍රීඩිකාවන් දෙපළ මේ වසරේදී ඉන්දියාවේ පැවැති හත් වැනි සාක් තරගාවලියේදීත්, තායිලන්තයේ පැවැති ග්‍රෝන් පී තරගාවලියේදීත් දක්කම් දැක්වීමට සමත් වූහ.
(42).jpg)