සෙරීනාගේ ටෙනිස් දිවිය අවසන්?
ලෝකයේ මෙතෙක් බිහිවූ සුපිරිතම ටෙනිස් ක්‍රීඩිකාවක් වශයෙන් සැළකෙන ඇමෙරිකාවේ සෙරීනා විලියම්ගේ ක්‍රීඩා දිවිය ඇයගේ වයස අවුරුදු 35දී අවසන් විය හැකි බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි. ඒ ඇය මේ වන විට ගැබිනියක් බවට පත්ව ඇති හෙයිනි.
සෙරීනා මේ වන විට සති විස්සක ගැබිනියක් බවට පත්ව ඇති අතර ඒ පිළිබඳව ඇය සමාජ මාධ්‍ය ඇසුරෙන් නිවේදනය කළාය.
වත්මන් ලෝකයේ අංක දෙකේ ටෙනිස් ක්‍රීඩිකාවද වෙන සෙරීනා සිය ක්‍රීඩා දිවිය තුළ ජයග්‍රහණය කර ඇති ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලි ප්‍රමාණය 23කි.
ජනවාරි මාසයේදි පැවැති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවළ ශූරතාවද සෙරීනා දිනාගත් අතර ඒ අනුව එම කාල සීමාවේදි අය සිය ගර්භනී අවධියේ මුල් කාල සීමාව ගත කර තිබේ.
කෙසේ වෙතත් 2018 වසරේදී ඇය නැවතත් ටෙනිස් පිටියට පැමිණීමට සූදානමින් සිටින බවද සෙරීනාගේ සමීපතමයන් තොරතුරු වාර්තා කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

