ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීම් පිළිඹඳ උපදේශක තනතුරට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පියවර ගෙන ඇත. අද ඒ පිළිබඳ පත්වීම ප්රදානය ක්‍රීඩා අමාත්‍යංශයේදී සිදු කර ඇති අතර මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම්සෝමරත්න විදානපතිරණ සහ සහකාර ලේකම් එම්. එම්. විජයසේන යන මහත්වරුන් සහභාගී විය.
තමන්ගේ තනතුරට අදාළ කාර්යභාරයන් පීලිබඳ අප කළ විමසුමකදී අදහස් දැක්වූ සුසන්තිකා ජයසිංහ මහත්මිය පැවසුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම පුුහුණුකරුවන්ගේද උපදේශකයෙකු ලෙසින් ක්‍රියා කිරීම සිය තනතුරට අදාළ කාර්යභාරයන්ට අයත් බවයි.