ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා
'සියැට් - ස්ලාඩා - 2016' ශූරතා සම්මාන රාත්‍රිය කොළඹ ගලදාරී හෝටලයේදී පසුගියදා (02දා) පැවත්විණි. මෙහිදී වසරේ දක්ෂතම මෝටර්රථ රියදුරු ලෙස උෂාන් පෙරේරා සම්මාන දිනාගත් අතර, දක්ෂතම යතුරුපැදි ධාවකයා ලෙස ඉෂාන් දසනායක සම්මාන දිනාගත්තේය.
එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සි.ධා. 3500 දක්වා) මෝටර් රථ ශූරතාව දිනාගනිමින් උෂාන් පෙරේරා දක්ෂතම රියදුරු බවට පත්වූ අතර, එම්.එක්ස්. කාණ්ඩයේ (සි.ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ශූරතාව දිනාගනිමින් ඉෂාන් දසනායක දක්ෂතම යතුරුපැදි ධාවකයා බවට පත්විය.
මීට අමතරව දක්ෂතම මෝටර් රථ කණ්ඩායමට හිමි සම්මානය උෂාන් පෙරේරා සහ මාලික කුරුවිටආරච්චි නියෝජනය කළ සියැට් කණ්ඩායම දිනාගත් අතර, සියැට් කණ්ඩායම නියෝජනය කළ ඉවෝන් බී. ගුරුසිංහ සහ දේෂාන් සොලංකි දක්ෂතම යතුරුපැදි කණ්ඩායමට හිමි සම්මානය දිනාගත්හ.
මෙහි වසරේ මොටෝ ජීපී ශූරයා ලෙස ෂොයෙල් ඩැනියල් සම්මාන දිනාගත් අතර, වසරේ සුපර් මෝටාඩ් ධාවකයා ලෙස ඉමල් මංචනායක සම්මාන දිනාගත්තේය.
ශ්‍රී ලංකා ඔටෝ-ස්පෝර්ට්ස් ධාවකයන්ගේ සංගමය (SLADA) විසින් පවත්වන ලද ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්, ගනර් සුපර් ක්‍රොස්, ගජබා සුපර්ක්‍රොස්, සීගිරිය රැළික්‍රොස් හා රොතර්හැම් සර්කිට් මීට් (ධාවන තරග 1 සහ 2) යන තරගාවලි හයේ දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් ක්‍රීඩකයෝ මෙම සම්මාන උලෙළේදී ඇගැයීමට ලක්වූහ. මෙහිදී මෝටර් රථ රියදුරන් සඳහා සම්මාන 07ක්ද, යතුරුපැදිකරුවන් සඳහා සම්මාන 06ක්ද ප්රදානය කෙරිණි.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
ලෝක විවාහක රූ රැජින කටුනායකට එයි
ඇල්ල අනතුරට පත් බස් රථය ගැටුණ ජීප් රියේ කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නෑ
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd