සිනර්ජි රග්බි පාපන්දු ඇකඩමිය විසින් සංවිධානය කරන ලද සත් සාමාජික ටැග් රග්බි තරගාවලියේ විවෘත අංශයේ කුසලාන ශූරතාව හිමි කර ගැනිමට සී.ඩී.බී. බැංකු කණ්ඩායම සමත් විය. ඒ අමානා බැංකු කණ්ඩායම ලකුණු 05-00 ක් ලෙසින් පරාජය කරමිනි.
මෙහි පළඟ ශූරතාව හිමි කරගැනීමට ශ්රී ලංකා ඉතිරි කිරීමේ බැංකු කණ්ඩායම සමත් විය. ඒ අවසන් තරගයේදී එච්.එන්.බී. ඇෂුවරන්ස් පරදා ලකුණු 15-00 ක ජයක් ලබා ගනිමිනි.
සිනර්ජි රග්බි ඇකඩමියවිසින් පළමු වරට සංවිධානය කරන ලද මෙම තරගාවලිය ඊයේ (14) කොළඹ හැව්ලොක්ස් පිටියේදී පැවති අතර මෙහි අවුරුදු 16 න් පහළ ඉසව්වේ කුසලාන ශූරතාව කොළඹ වෙස්ලි විදුහල් බී කණ්ඩායම විසින් දිනා ගත්තේ අවසන් තරගයේදී වෙස්ලි විදුහල් ඒ කණ්ඩායම ලකුණු 15-10 ක් ලෙස පරාජය කරමිනි.
මීට අමතරව මෙහි පැවති අවුරුදු 16 ට වැඩි කාණ්ඩයේ 12 සාමාජික ශූරතාව හර්ෆා රග්බි ඇකඩමි කණ්ඩායම විසින් දිනා ගනිද්දී අවුරුදු 35 ට වැඩි කාණ්ඩයේ ශූරතාන ආදි වෙස්ලි කණ්ඩායම විසින් දිනා ගත්තේය.
16 න් පහළ ශූරතාව දිනූ වෙස්ලි බී කණ්ඩායම
35 න් ඉහළ ශූරතාව දිනූ ආදි වෙස්ලි කණ්ඩායම
අනුශූරතාව දිනූ අමානා බැංකු කණ්ඩායම
ශූරතාව දිනූ සී.ඩී.බී.කණ්ඩායම
ඡායාරූප - ඕෂිත වරකපිටිය