සභාපති කුසලානය කුරුණෑගල ශා. ආනා විදුහලට
- 24 06 2017
- 14:00
- {{hitsCtrl.values.hits}} views
- ඔෂිත වරකපිටිය
කොළඹ කේරි විදුහල ලකුණු 15-13 ක් ලෙස පරදමින් මෙවර මයිලෝ අන්තර්පාසල් (20 න් පහළ) සභාපති කුසලානය හිමි කර ගැනීමට කුරුණෑගල ශා. ආනා විදුහල සමත් විය. කොළඹ සුගතදාස ක්රීඩාංගණයේදී ඊයේ (23) පැවති තරගයේ පළමු අර්ධය අවසන් වන විට කේරි විදුහල ලකුණු 10-05 ක් ලෙස ඉදිරියෙන් සිටයත් දෙවැනි අර්ධයේ ඔවුන්ට සිය පාලනය ඉදිරියට ගෙන යාමට නොහැකි වීම විශේෂත්වයකි.
ශා. ආනා විදුහල උත්සාහක දිනුම් තුනකින් සිය ලකුනු සම්පූර්ණ කරද්දී කේරි විදුහල උත්සාහක දිනුම් දෙකක් හා දඩුවම් පහරකින් සිය ලකුණු රැස් කළහ.
සභාපති කුසලාන අනුශූරතාව දිනූ කේරි විදුහල් කණ්ඩායම
සභාපති කුසලාන ශූරතාව දිනූ ශාන්ත ආනා විදුහල් කණ්ඩායම
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

