www.ada.lk
2026 සැප්තැම්බර් මස 29 වන අඟහරුවාදා
එංගලන්තයේ පළමු පෙළ සීමිත පන්දුවාර තරගාවලිය වන රෝයල් ලන්ඩන් කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහ තරගයෙන් ශ්‍රි ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාර නියෝජනය කරන සරේ කණ්ඩායම පරාජය කරමින් කඩුලු අටක පහසු ජයක් වාර්තා කිරීමට වෝවික්ෂයර් කණ්ඩායම පෙරේදා (17දා) සමත්වූයේය.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සංගා නියෝජනය කරන සරේ කණ්ඩායමට පන්දුවාර 40.1කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 136ක් පමණි. සංගා ලකුණු 21ක් රැස්කළේය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වෝවික්ෂයර් කණ්ඩායම පන්දුවාර 30.2කදී කඩුලු දෙකක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය. වෝවික්ෂයර් කණ්ඩායම වෙනුවෙන් ජොනතන් ට්‍රෝට් නොදැවී ලකුණු 82ක් රැස්කළේ ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසෙමිනි.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd