ශෂිකලා ආබාධයකට
විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා ශෂිකලා සිරිවර්ධන ආබාධයකට ලක්ව සිටීම නිසා අයර්ලන්තයට එරෙහිව මේ මස 20 වැනිදා පැවැත්වෙන තරගයට ඇයගේ සභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.
ශෂිකලා මස් පිඬු පෙරළීමේ ආබාධයකට ලක්ව සිටින අතර, ඇය අද (17දා) ස්කෑන් පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිතව සිටියාය.
ඉන්දීය කණ්ඩායමට එරෙහිව බැංගලෝර්හිදී පසුගිය 12 වැනිදා පැවැති පුහුණු තරගයේ පන්දුවට පහර දෙමින් සිටියදී ශෂිකලා සිරිවර්ධන වම් පාදයේ ආබාධයකට ලක්ව තිබේ.
ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ කළමනාකාරිණි වැනේසා ද සිල්වා මහත්මියගෙන් කළ විමසුමකදී පැවසුවේ, ස්කෑන් පරීක්ෂණයේ ප්රතිඵලය අනුව අයර්ලන්ත තරගයට ක්රීඩා කිරීම පිළිබඳව තීරණයක් ගන්නා බවයි.
යොහාන් භාසුර ඉන්දියාවේ සිට
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
