වෙස්ලි දෙවැනි කඩඉම ජයගනියි
සිංගර් අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලියේ මොරටුව වෙස්ලි කුමර විදුහල සමගින් පැවති තරගයෙන් ලකුනු 28-10 ක පහසු ජයක් හිමි කර ගැනිමට බොරැල්ල වෙස්ලි විදුහල සමත් විය.
පසුගිය සතියේදී මහනුවර ත්‍රිත්ව විදුහල හමුවේ ලැබූ පරාජයෙන් නව පන්නරයක් ලද වෙස්ලි ක්‍රීඩකයෝ මෙම තරගයේ පළමු භාගයේ සිටම වේල්ස් කුමර ක්‍රීඩකයින්ට දැඩි අභියෝගයක් එල්ල කරනු දක්නට ලැබිණි. කෙසේ වෙතත් වේල්ස් කුමර ක්‍රීඩකයින්ගේ දුර්වල ආරක්ෂක උපක්‍රම හමුවේ වෙස්ලි ක්‍රීඩකයින්ට වැඩි ලකුණු සංඛ්‍යාවකට ගමන් කිරීමේ හැකියාව හිමි විය.
ජයග්‍රාහී වෙස්ලි ක්‍රීඩකයෝ ගෝල දිනුමක් , උත්සාහක දිනුම් තුනක් හා දඩුවම් පහර දෙකක් මගින් සිය ලකුනු රැස් කළ අතර ගෝල දිනුමක් හා දඩුවම් පහරක් සමගින් වේල්ස් කුමර ක්‍රීඩකයින් සිය ලකුනු රැස් කළහ.
ඡායාරූප - ඕෂිත වරකපිටිය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

