සිය ටෙසට් ක්‍රිකට් දිවියේ ටෙස්ට් ඉනිමකදී කඩුලු පහක් දවාගැනීමට ප්‍රථම අවස්ථාවට ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සමත්විය. ඒ මේ වන විට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන දකුණු අප්‍රිකා - ශ්‍රි ලංකා පළමු ටෙස්ට් තරගයේදීයි. ඔහු ලකණු 62කට කඩුලු පහක් දවාගැනීමට සමත්වූ අතර එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමකදී දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවද වෙයි. දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයන් වෙන ඩීන් එල්ගාර්, ස්ටීවන් කුක්, හෂීම් අම්ලා, නායක ෆෆ් ඩු ප්ලෙසි හා කේෂාව් මහරාජ් දවාගැනීමට සුරංග සමත්විය.