ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් 'ඒ' කණ්ඩායම හා ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම අතර සිවුදින පළමු තරගය අද (04දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගයේදී පළමු වරට රෝස පැහැති පන්දුව භාවිත කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම ටෙස්ට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න විසින්ද බටහිර ඉන්දීය කොදෙව් 'ඒ' කණ්ඩායම ෂම්රාහ් බෘෘක්ස් විසින්ද මෙහෙයවනු ලැබේ.
මෙවර තරගාවලිය සඳහා සිවුදින තරග 03ක් හා එක්දින තරග 03 ක් ඇතුළත්ය. තරගාවලිය පිළිබඳ මාධ්‍ය හමුවක් ඊයේ (03දා) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැති අතර ඊට දෙරටේ ක්‍රිකට් නායකයන්, පුහුණුකරුවන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරමින් උපසභාපති ජයන්ත ධර්මදාස හා ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු එක්ව සිටියහ. මෙහිදී තරගාවලිය පිළිබඳ අදහස් පළකළ ශ්‍රී ලංකා 'ඒ' ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න, "පළමු වරටයි අපි රෝස පැහැති පන්දුවට ක්‍රීඩා කරන්නේ. අපි දවස් 02ක් පමණ රෝස පැහැති පන්දුවට පුහුණුවීම් සිදුකළා. ලොකු වෙනසක් අපිට දැනෙන්නේ නැහැ.
හැබැයි පන්දුව පරණ වුණාම තමයි වෙනසක් වෙනවා නම් සිදුවෙන්නේ. ඒ කෙසේ වෙතත් මම ඇතුළු කණ්ඩායමේ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම ඉන්නවා. අපි අතරින් හොඳට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට එක්වීමට අවස්ථාව උදාවේවි. මම පසුගිය කාලයේ යම් අසාර්ථකත්වයකට පත්වුණා. ඒ නිසා මමත් මෙම තරගාවලියේදී ලකුණු අතරට එන්න බලාපොරොත්තු වෙනවා" යනුවෙන් පැවසීය.
popular news
ඊශ්‍රායලයේදි අතරමං වූ තරුණයා පවුලේ ඥාතීන්ට භාර දෙයි
ලෝක විවාහක රූ රැජින කටුනායකට එයි
ඇල්ල අනතුරට පත් බස් රථය ගැටුණ ජීප් රියේ කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නෑ
රාජ්‍ය මුද්‍රණ ලොක්කාගේ අනුමැතය නොමැතිව නිලධාරින් පහක් ලක්ෂ 102ක මැතිවරණ දීමනා ලබාගෙන
මම ඩොලර් බිලියන 22ක් දීලා ගියේ, මම මොකටද මේවා අරගන්නේ
රිදියගම වැව් රක්ෂිතය මනිනවාට ජනතාවගේ විරෝධය
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd