රොනාල්ඩෝට පච්චයක් නැත්තේ ඇයි
ලෝකයේ බොහෝ ක්‍රීඩකයන් විලාසිතාවක් වශයෙන් ශරීරයේ පච්චා ඇඳ ගැනීම සිදුකරනවා. ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග, චාමර කපුගෙදර ශ්‍රී ලංකාවෙන් අපට ගත හැකි උදාහරණයි. ඉන්දියාවේ විරාත් කෝලි, ඔස්ට්‍රේලියාවේ මිචෙල් ජොන්සන්ද සිය ශරීරයේ පච්චා ඇඳගෙන තිබෙනවා.
එංගලන්තයේ පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්ගේ ඇග පුරාම පච්චා ඇති අතර පාපන්දු ක්‍රීඩකයන් බොහෝ විට සිය ශරීරය පච්චාවලින් සරසාගෙන සිටිනවා. නමුත් ලෝකයේ ඉදිරියෙන්ම සිටින පාපන්දු ක්‍රීඩකයෙක් වන ක්‍රිස්ටියානේ රොනාල්ඩෝගේ ශරීරයේ නම් එවැනි ආකාරයට පච්චා දැකගැනීමට අවස්ථාවක් ඔබට නොලැබෙනවා.
රොනාල්ඩෝ නිරන්තයෙන් රුධිරය පරිත්‍යාග කරන්නෙක් වෙන හෙයින් ඔහුගේ ශරීරයේ පච්චා දැකිය නොහැකියි. රොනාල්ඩෝගේ ශරීරයේ පච්චා නොමැතිවිමට හේතුව එය වන අතර ඔහු මීට වසර කිහියපයකට ඉහතදී මෙම කරුණ අණාවරණය කර තිබුණා. නමත් අද වන විටත් ඔහු එම ප්‍රතිපත්තියේම සිටියි. අදටත් ඔහුගේ ශරීරයේ පච්චා නොමැත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

