රාජකීය විද්‍යාලයට ක්‍රීඩා ඇරීනාවක්
- 28 03 2016
- 19:37
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
කොළඹ රාජකීය විද්‍යාලයේ ක්‍රීඩා ඇරීනාව (ක්‍රීඩා ඉසව් රැසක් එකවර පැවැත්විය හැකි ක්‍රීඩා සංකීර්ණය) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (28දා) සවස විවෘත කරන ලදී.
බොහෝ ක්‍රීඩා අවස්ථා සඳහා ගැළපෙන අයුරින් සහ වඩාත් ප්‍රායෝගික ලෙස ඉදිකොට ඇති මෙම ක්‍රීඩා ඇරීනාවේ බොක්සිං, මල්ලව පොර, කරාටේ, වූෂූ, ජූඩෝ, කඩු හරඹ, මේස පන්දු, ජිම්නාස්ටික්,චෙස්, ජිම්නාස්ටික් සහ කැරම් ආදී ක්‍රීඩා තරගාවලි පැවැත්වීමේ පහසුකම්වලින් සමන්විතය.
මෙහි ප්‍රේක්ෂකයන් 1,000කට පහසුකම් තිබෙන අතර නැවත හැකිළිය හැකි ආසන ඇතුළු පහසුකම් රැසකින් එය සමන්විතය.
මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, විදුහල්පති බී.ඒ. අබේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.













