යුරෝපානු පාපන්දු සම්මේලනයට නව සභාපතිවරයෙක්
යුරොපානු පාපන්දු සම්මේලනයේ (යූෆා/ UEFA) හි නව සභාපතිවරයා ලෙසින් ස්ලෝවේනියා ජාතික ඇලෙක්සැන්ඩර් සෙෆරින් තේරී පත් වී ඇත. ඒ තනතුර වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 13 ක් ලබා ගනිමිනි.
සෙෆරින් මෙහිදී ඡන්ද 42 ක් ලබා ගනිමින් මෙම සටහනේ පෙරමුණ ගනිද්දී ඔහුගේ ප්රතිවාදියා වූ නෙදර්ලන්ත ජාතික මයිකල් වැන් ප්රාග් ට හිමි කර ගත හැකි වූයේ ඡන්ද 29 කි.
සෙෆරින් මීට පෙර 2011 වර්ෂ්යේදී ස්ලෝවේනියානු පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයද දරා ඇත.
කෙසේ වෙතත් ලොව බලවත්ම පාපන්දු ක්රීඩා සමාජයන් පාලනය වන යූෆා හි ප්රධානියා ලෙසින් සිය ධුරය භාර ගනිමින් සෙෆරින් පවසා ඇත්තේ මෙය ස්ලෝවේනියාව ලැබූ ජයග්රහණයක් බවයි.
දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙන් සෙෆරින්ට පෙර මෙහි ධුරය දැරූ ප්රංශයේ මයිකල් ප්ලැටිනි පසුගිය වර්ෂයේදී සිය තනතුරින් නෙරපා හැරි අතර ඔහුගේ පසු මෙහි වැඩ කටයුතු භාරව සිටියේ ස්පාඤ්ඤයේ ඒන්ජල් මාරියා විලර් හටයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

