මියාමි විවෘත ටෙනිස් ශූරතාව තෙවැනි වරටත් ෆෙඩරර්ට
ටෙනිස් පිටියේ සිය සුපුරුදු ප්‍රතිවාදියා වන ස්පාඤ්ඤයෛ් රෆායල් නඩාල් නැවතත් පරාජයට පත් කරමින් මෙවර මියාමි විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් ඊයේ (02) සමත් විය. මෙහිදී ෆෙඩරර් හමුවේ නඩාල් තරග වට 2-0 ක් ලෙස පහසුවෙන් පරාජයට පත්විම විශේෂත්වයක් වූ අතර, තරගයේ ලකුණු තත්වය දැක්වුණේ 6-3 ක් හා 6-4 ක් ලෙසිනි. මෙය ෆෙඩරර් මෙහි ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව වූ අතර, මීට පෙර 2005 හා 2006 වර්ෂ වලදීද ඔහු විසින් ශූරතාව දිනා ඇත. කෙසේවෙතත් මෙහි පිරිමි අංශයේ වැඩිම ශූරතාවන් ප්‍රමාණයක් (6) මෙන්ම පසුගිය අවස්ථා තුනේදීම ශූරතාව දිනාගත් සර්බියාවේ නොවැක් ජොකොවිච් මෙවර තරගාවලියට සහභාගී නොවීය.
පසුගිය මාර්තු (20) වැනිදා සිට අප්‍රේල් 02 වැනිදා දක්වා පැවති තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාව හිමි වුයේ බ්‍රිතාන්‍යයේ ජොහානා කොන්තා හටයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

