මාලිංග මුම්බායි සමග - වටිනාකම කෝටි 16
2017 වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දිය ප්රිමියර් ලීග තරගාවලිය සඳහා ඉදිරියේදී ක්රීඩක වෙන්දේසිය පැවැත්විමට නියමිතය. කෙසේ වෙතත් තරගාවලියට එක්වෙන කණ්ඩායම් සියල්ලම එම කණ්ඩායම්හි සුවිශේෂී ක්රීඩකයන් ක්රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර සිය කණ්ඩායමේම රඳවා ගැනිමට තිරණය කර තිබේ.
එම ක්රීඩක ලැයිස්තුව අයි.පී.එල්. නිල වෙබ් අඩවිය මගින් ප්රකාශයට පත් කෙරුණු අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්රීඩා කරන ශ්රී ලංකාවේ ලසිත් මාලිංග වෙන්දේසියට ඉදිරිපත් නොකර තවදුරටත් සිය කණ්ඩායමේම තබා ගැනිමට මුම්බායි කණ්ඩායම තීරණය කර තිබේ.
ඒ වෙනුවෙන් මාලිංගට නියම වී ඇති මිල ඉන්දීය රුපියල් කෝටි 7.5කි (රුපියල් කෝටි 16.425). මේ අතර රයිසින් පූනේ කණ්ඩායමට ක්රීඩා කරන තිසර පෙරේරා ක්රීඩක වෙන්දේසියට නිදහස් කර තිබේ.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු වන්නේ ශ්රි ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

