මාලිංගට දකුණු අප්‍රිකා සංචාරයත් අහිමිවෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංගට දකුණු අප්‍රිකාව හා පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි20 තරගාවලියද අහිමි වී තිබෙනවා. ඒ ඔහු ඩෙංගු රෝගයට ගොදුරුවීම හේතුවෙනි.
පාදයේ ආබාධයකට ලක්ව සිටි මාලිංග මේ මසදී ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ආරම්භවීමට නියමිත එක්දින හා විස්සය20 තරගාවලියෙන් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්විමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත් ඔහු ඩෙංගු රෝගයට ගොදුරුවීමත් ඒ හේතුවෙන් පුහුණුවීම් නිසි අයුරින් ක්‍රියාත්මක කිරිමට නොහැකි විමටත් හේතුවෙන් ඔහුට මෙසේ දකුණු අප්‍රිකානු සංචාරය අහිමි වී තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පෙබරවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්විමට නියමිත විස්සයි20 තරග තුන සඳහා එක්වීමට මාලිංග සූදානමින් සිටින බව වාර්තා වෙයි.
පාදයේ ආබාධය හේතුවෙන් විස්සයි20 ලෝක කුසලානය හා ඉන්දීය ප්‍රිමියර් ලිග තරගාවලිය අතුළු තරගාවලි කිහිපයක්ම මාලිංගට අහිමිවිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

