එදා මෙදා තුර ලෝකයට බිහිවූ සුපිරිතම කෙටිදුර ධාවකයා උසේන් බෝල්ට් බව ශ්රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි. බෝල්ට් රියෝ ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ඉසව්ව ජය ගැනීමෙන් පසුව සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් මහේල මේ බව පැවැසීය.
බෝල්ට් තරග කරනවා (දුවනවා) බලන්නට ලැබීමත් ගෞරවයක් බව මහේල පවසයි. මේ අතර ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායක විරාත් කෝලිද සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් සඳහන් කරන්නේ බෝල්ට්ට වඩා හොඳ කිසිවෙක් නොසිටින බවයි.
.jpg)
.jpg)