බ්රැඩ්බි විසඳුමකින් තොරයි
කොළඹ රාජකීය විදුහල හා මහනුවර ත්රිත්ව විදුහල අතර වාර්ශිකව පැවැත්වෙන් බ්රැඩ්බි පළිහ ශූරතා රග්බි තරගාවලියේ මේ වසරේ පැවැති තරගය විසඳුමකින් තොරව අවසන්විය.
ඒ තරගාවලියේ දෙවැනි අදියර ජයගැනිමට ත්රිත්ව විදුහල සමත්වු හෙයිනි. මහනුවර පැවැති තරගයේදී ලකුණු 18-13ක් ලෙස ත්රිත්ව විදුහල ජයගත් අතර මිට පෙර කොළඹදී පැවැති තරගයේදි රාජකීය විදුහල ත්රිත්ව විදුහල පරදා ජය ගත්තේ ලකුණු 22-17ක් ලෙසිනි.
ඒ අනුව අද තරගය ලකුණු පහකට වඩා අඩු පරතරයකින් රාජකීය විදුහල පරාජය වූ වානම් ඔවුන්ට තරගය ජයගැනිහමට අවස්ථාවක් තිබුණි. කෙසේ වෙතත් තරගය ලකුණු 5ට වඩා වැඩි පරතරයකින් ත්රිත්ව විදුහල ජයගත්තේ නම් ඔවුන්ට කුසලානය හිමිකර ගැනිමට අවස්ථාව තිබුණි.
තරගයේ අදියර දෙකේම කණ්ඩායම් දෙක ලබාගන්නා ලකුණු ප්රමාණය අනුව අවසන් ලකුණු ප්රමාණය අනුව තරගයේ ජයග්රාහකයා තොරයි.
මෙවර විදුල් දෙකම ලකුණු 35 බැගින් සම ලකුණු ලබාගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

