සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර නෙල්සන්හිදී අද (29දා) පැවැති තරගාවලියේ දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 67ක ජයක් ලැබීමට සත්කාකර නවසීලන්ත කණ්ඩායම සමත්විය. මේ අනුව තරග තුනකික් යුත් එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී තරග 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට නවසීලන්තයට අවස්ථාව උදාවිය.
සැක්ස්ටන් ඕවල් ක්රීඩාංගණයේ දිවා තරගයක් ලෙස පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසනදී සියල්ලන් දැවී ලකුණු 251ක් රැස්කිරීමට සමත්විය. නීල් බෘම් නොදැවී ලකුණු 109ක් රැස්කරමින් ඉනිම ගෞරවාන්විත තත්ත්වයකට රැගෙන ආවේය. තරග 24කදී නවසීලන්තය වෙනුවෙන් ක්රීඩාකර ඇති බෘම්ගේ පළමු හා එකම ශතක ඉනිම මෙය වේ. බංග්ලාදේශය වෙනුවෙන් මෂ්රාෆි මොර්ටාසා ලකුණු 49කට කඩුලු 03ක් බිඳළු අතර, එය පන්දු යවන්නෙකු දැක්වූ හොඳම සබඳතාවද විය.
ලකුණු 252ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 42.4කදී සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 184ක් පමණි. ආරම්භක පතිකරු ඉම්රුල් කායෙස් ලකුණු 59ක් රැස්කරමින් ජයග්රාහී ආරම්භයක් කණ්ඩායමට ලබාදුන් අතර, ඔහු සබීර් රෙහමාන් සමගින් දෙවැනි කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් ගොඩනගා ඉනිමට ජීවයක් එක් කළේය. කෙසේ නමුත් මුළු ලකුණු 105දී ලකුණු 38ක් රැස්කර ගෙන සිටි සබීර් දුවද්දී දැවී යාමකට ලක්වීම හේතුවෙන් බංලාදේශයට සිය බලාපොරොත්තු හකුළා ගැනීමට සිදුවිය. තරගයේ වීරයා සම්මානය නවසීලන්ත කණ්ඩායමේ නීල් බෘම් දිනාගත්තේය.
නීල් බෘම්