බංග්ලාදේශය තවත් ඩැහැ ගැනීමකට සැරසෙයි
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කරන ශ්‍රී ලංකාවේ චන්දික හතුරුසිංහ තවදුරටත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රඳවා තබා ගැනීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ඒ අනුව ඔහුගේ වැටුව 20%කින් ඉහළ දැමීමටත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර අැතැයිද ඒ පිළිබඳව වන අවසන් තීරණයක් එළැඹෙන කමිටු රැස්වීමේදී ගනු ඇතැයිද බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර එම කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සේවය කරන හීත් ස්ට්‍රික් සිය සේවය දිගු නොකරන්නේ නම් වේග පන්දු පුහුණුකරුවෙක් තෝරාගැනීමටත් බංග්ලාදේශයේ අවධානය යොමුව තිබෙයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ චමින්ද වාස් හා චම්පක රාමනායක පිළිබඳව බංග්ලාදේශයේ අවධානය යොමුව තිබෙන අතර පාකිස්තානයේ ආකිබ් ජාවෙඩ් හා ඉන්දියාවේ වෙන්කටේෂ් ප්‍රශාද් පිළිබඳව බංග්ලාදේශ අවධානය යොමුව තිබේ.
මේ වන විට ශ්‍රී ලංකාවේ රුවන කල්පගේ හා මාරියෝ වෙල්ලවරයාන්ද බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුර හොබවනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

