ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය අද ඇරඹේ
ලොව පැරණිතම ටෙනිස් තරගාවලියක් ලෙසින් සැලකෙන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය අද (28) ප්‍රංශයේ පැරිස් හිදී ආරම්භ වේ.
තරගාවලිය කාණ්ඩ 16 ක් යටතෙ පැවැත්වෙන තරගවලිය සඳහා ක්‍රීඩකයින් 32 ක් හා ක්‍රීඩිකාවන් 32 ක් තරග වදින අතර ඒ අතරට පසුගිය වර තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගත් සර්බියාවේ නොවැක් ජොකොවිච් මෙන්ම කාන්තා අංශයේ ශූරතාව දිනා ගත් ස්පාඤ්ඤයේ ගාබීන් මුගුරුසා ද ඇතුලත්.
එමෙන්ම මෙහි වැඩිම වාරගණනක් පිරිමි අංශයේ ශූරතාව දිනා ඇති ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් මෙන්ම වත්මන් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන බ්‍රිතාන්‍යෙයේ ඇන්ඩි මරේ ද මෙවර තරගාවලියේ ප්‍රභල තරගකරුවන් වේ.
කෙසේ වෙතත් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාව මෙන්ම පසුගිය වර අනුශූරතාව හිමි කර ගත් සෙරීනා විලියම්ස් කුළුඳුල් දරු ප්‍රසූතියට සුදානම් වීම හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගි නොවීම විශේෂත්වයකි.
1891 වර්ෂයේදී ආරම්භ කරන ලද ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ලොව ප්‍රධානතම ටෙනිස් තරගාවලි 4 න් එකක් ලෙස හැඳින්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

