පළමු පෙරහුරුව විසඳුමකින් තොරයි
දකුණු අප්‍රිකානු තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගය ශ්‍රී ලංකාවට වැඩි ගෞරව අත්කර දෙමින් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
තරගය නිමාවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකාව පන්දුවාර 47.1කදී කඩුලු 05කට ලකුණු 212ක් රැස්කර ගෙන සිටියේය. මෙහිදී ආරම්භක පිතිකරු යුගලයෙහි වෙනසක් කරමින් කුසල් ජනිත් සමග උපුල් තරංග ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, කුසල් ලකුණු 51ක් හා තරංග ලකුණු 50ක් ලබා සිටියදී පිටියෙන් ඉවත්ව ගියහ.
අනතුරුව ඉනිම වේගවත් කළ චන්දිමාල් ලකුණු 60ක් හා නායක මැතිව්ස් ලකුණු 37ක් ලබාගත්හ.
දකුණු අප්‍රිකාවේ සෙන්චස් පාර්ක් ක්‍රීඩාංගණයේ පසුගියදා (18දා) ඇරඹුණු මෙම තෙදින පුහුණු තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 373ක් රැස් කළේය. පළමු ඉනිම ක්‍රීඩාකළ දකුණු අප්‍රිකානු ආරාධිත කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 289ක් පමණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

