නවසීලන්තය සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවක් හිසේ නිසා සංචාරක බංග්ලාදේශ කණ්ඩායමේ නායක මුෂ්ෆිකර් රහීම් රෝහල්ගත කර ඇත. තරගයේ 43 වැනි පන්දුවාරයේදී පන්දුවට පහර දෙමින් සිටි රහීම්ගේ හිසට ටිම් සවුති විසින් එවූ පන්දුවක් මෙලෙස වැදී ඇති අතර පිටිය තුලදී සිදුවූ එම අනතුරත් සමගින් මුෂ්ෆිකර් තරමක් අසාධ්‍ය තත්වයට පත් විය. කෙසේ නමුත් වහාම රෝහල්ගත කළ ඔහුගේ හිසට දරුණු අනතුරක් මෙමගින් සිදුවී නොමැති බව මූලික පරික්ෂණ මගින් හෙලි වී ඇත. 2014 වර්ෂයේදී පන්ඔදුවක් හිසේ වැදීමෙන් ඔස්ලිට්රේයානු ක්‍රීඩක පිල් හියුස් මරණයට පත් වීම ක්‍රිකට් ලොව කම්පා කළ සිදුවීමක් විය.