නැවතුන තැනින් හෙට ඇරඹෙයි
- 24 10 2016
- 20:17
- {{hitsCtrl.values.hits}} views
- පැතුම් ශ්‍රී විජේරත්න
ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් 'ඒ' කණ්ඩායම අතර, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (24දා) පැවැති පළමු නිල නොවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් එම තරගය හෙට (25දා) දිනයේදී නැවත පැවැත්වීමට තරග තීරකවරයා කටයුතු කළේය.
තරගය නතර කරනවිට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් කණ්ඩායම පන්දුවාර 12.5ක් අවසනදී කඩුලු 02ක් දැවී ලකුණු 69ක් රැස්කරගෙන සිටියේය.
නොදැවී කඩුල්ලේ රැඳී සිටින කේල් හොප් ලකුණු 28ක් හා අන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 07ක් ලබා සිටිති. කසුන් රජිත හා අමිල අපොන්සු කඩුල්ල බැගින් බිඳලීමට සමත්වූහ. කොදෙව් 'ඒ' - ශ්‍රී ලංකා 'ඒ' එක්දින තරගාවලියට නිල නොවන තරග තුනක් ඇතුළත්ව තිබේ.
කොදෙව් 'ඒ' 69/2 (පන්දුවාර 12.5)
චද්වික් වෝල්ටන් 16 (12, 4x2, 6x1), කේල් හෝප් නොදැවී 28 (39, 4x4), අසාද් ෆුඩාඩින් 14 (10, 4x2, 6x1), අන්ඩ්‍රි ෆ්ලෙචර් නොදැවී 07 (16, 4x1)
ශ්‍රී ලංකා 'ඒ' පන්දු යැවීම
කසුන් රජිත 1/22 (5), බිනුර ප්‍රනාන්දු 0/33 (4.5), අමිල අපොන්සු 1/13 (3)



ඡායාරූප ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්රහයෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

