මෙවර ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ පොලිස් කණ්ඩායමට එරෙහිව පිට පිටම දෙවැනි ජයත් වාර්තා කිරීමට නාවික හමුදා ක්රීඩා සමාජය සමත් විය. ඒ අද (30) වැලිසර නාවික හමුදා පිටියේදී පැවති තරගයෙන් ලකුණු 41-28 ක් ලෙසිනි. තරගාවලිෙය් ෙදවැනි අදියෙර් තරගයක් ෙලස ෙමය පැවැත්විණී.
තරගයේ පළමුවෙන් ලකුණු රැස් කරමින් පොලිස් ක්රීඩකයින් ඉදිරියට පැමීනි අතර පළමු අර්ධය අවසනදී ඔවුන් ලකුණු 11-07 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වූහ.
කෙසේ වෙතත් දෙවැනි අර්ධය අවසන් වන විටදී නාවික හමුදා ක්රීඩකයින්ගේ දක්ෂ ක්රීඩා විලාශයක් පිළිඹිබු වූ අතර තරගය අවසන් වන විටදි සිය ලකුණු 41 රැස් කිරීම උදෙසා ගෝල දිනුම් 4 ක්, උත්සාහක දිනුම් දෙකක් හා දඩුවම් පහරක් මගින් සිය ලකුණු රැස් කළහ. එහිදී පොලිස් ක්රීඩකයින්ට ගෝල දිනුම් දෙකක් ,උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් මගින් සිය ලකුණු රැස් කළහ.