නායකයා නැතිව මේ දක්වා හොඳින් ක්‍රීඩා කළා
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් නොමැතිව මේ දක්වා හොඳින් ක්‍රීඩා කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු නිරෝෂන් දික්වැල්ල සඳහන් කරයි. ඊයේ (25දා) දකුණු අප්‍රිකානු කණ්ඩායම හා පැවැති තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව සිටියි. ඒ පිළිබඳව අදහස් දක්වමින් දික්වැල්ල පවසන්නේ, අපේ නායකයා නැතිව ක්‍රීඩා කිරීමට සිදුවිම අපට විශාල පාඩුවක්. නමුත් ඔහු නැතිව මේ දක්වා අපි හොඳින් ක්‍රීඩා කළා.
මෙහිදි තවදුරටත් අදහස් දක්වමින් දික්වැල්ල සඳහන් කළේ ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාව හා පැවැති විස්සයි20 තරගාවලිය 3-0ක් ලෙස ජයගැනිමට අවස්ථාව තිබුණ බවයි.
එසේම ටෙස්ට් තරගාවලියට සාපෙක්ෂව දකුණු අප්‍රිකානු තණතිලි මේ වන පිතිකරුවන්ට යෝග්‍ය ලෙස සකස්කර ඇති බවද ඔහු පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


