නවසීලන්තය තරගාවලිය සම කරයි.
සත්කාරක ඉන්දීය කණ්ඩායම පරදා රංචි හිදි අද (26) පැවති සිව්වැනි එක්දින තරගයෙන් ලකුණු 19 ක ජයක් වාර්තා කිරීමට නවසීලනත්ය සමත් විය. තරගයේ ලකුණු 261 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය ක්රීඩකයන්ට පන්දුවාර 48.4 ක් තුලදී සියළු දෙනා දැවී රුස් කර ගත හැකි වූයේ ලකුණු 241 ක් පමණී. අජින්ක්යා රහනේ (57) ක් හා විරාත් කෝලි (45) රුස් කරමින් ඉන්දීය ජයග්රහණයට වැඩි කැපවීමක් කළද එය සාර්ථක කර ගැනීමට ඉතිරි පිතිකරැවන් අසමත් වූහ.
පන්දු යැවීමෙන් ටිම් සවුති කඩුළු 3 ක් දවා ලිය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්රීඩකයින් සිය පන්දුවාර 50 අවසනදී කඩුළු 7 ක් දැවී ලකුණු 260 ක් රුස් කළහ.
ආරම්භයේදීම නවසීලන්ත ඉනිම ශක්තිමත් කළ මාටින් ගප්ටිල් ලකුණු 72 ක් ද කේන් විලියම්සන් ලකුණු 41 ක්ද රුස් කළ හ.
අමිත් මිශ්රා එහිදී කඩුළු 2 ක් දවා ලීය. තරගයේ වීරයා සම්මානය නවසීලන්තයේ මාටින් ගප්ටිල් හට හිමිවිය.
මෙම තරගය රන්චි ක්රීඩාංගණයේදී ඉන්දීය කණ්ඩායම ලැබූ පළමු පරාජය ලෙසින් ඉතිහාසගත විය.
මෙම ජයග්රහණයත් සමගින් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-2 ක් ලෙස සම කිරීමට නවසීලන්තය සමත් විය. තරගාවලියේ 5 වැනි හා අවසන් තරගය එළඹෙන ඔක්තෝම්බර් 29 වැනිදා විසාකාපට්නම් හිදී පැවැත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

