ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම හා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවත්වෙන නිල නොවන සිවුදින ටෙස්ට් තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයට අද (05දා) තරගය නිමා කරන විට කඩුලු අටකට ලකුණු 348ක් රැස්කරගෙන සිටියි.
ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න ලකුණු 131ක් රැස්කිරීමට සමත්විය. ඔහු කුසල් පෙරේරා හා එක්ව පළමු කඩුල්ලට ලකුණු 167ක සබඳතාවක් ගොඩනැගීය. කුසල් ලකුණු 87ක් රැස්කළේය. නිරෝෂන් දික්වැල්ලද ලකුණු 59 ක් රැස්කළේය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ලකුණු 276ක් රැස්කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් අතැතිව ලකුණු 72ක් ඉදිරියෙන් සිටියි. හෙට තරගයේ තෙවැනි දිනයයි.