ADA
www.ada.lk
2025 ජුනි මස 08 වන ඉරිදා
පාසල් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට ක්‍රීඩිකාවන් සිවුදෙනෙකු ලෝක කුසලාන සංචිතයට
අවසන් තේරීම් තරග පස්වරු 1.30ට පටන් ගැනීම නිසා දුර පළාත් ක්‍රීඩිකාවන් දැඩි අපහසුතාවක
නායකත්වයට ක්‍රීඩිකාවන් 05කගේ නම් යෝජනා වෙලා
දැල්පන්දු යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා වන අවසන් ක්‍රීඩිකාවන් 12 දෙනා සඳහා වන තේරීම් තරග ඊයේ (18දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.
ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් අවසන් ක්‍රීඩිකාවන් 12 දෙනා තෝරාගනු ලැබුවේ, ශ්‍රී ලංකා යුද හමුදා හා නාවික හමුදා දැල්පන්දු කණ්ඩායම් සමග පැවැති තරගවලිනි.
ඊට අමතරව ආසියානු යොවුන් දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවට දිනාදුන් නායිකා ගයනි දිසානායක හා එම කණ්ඩායම නියෝජනය කළ ගයංජලී අමරවංශ යන ක්‍රීඩිකාවන්ද මෙම යොවුන් ක්‍රීඩිකාවන් තේරීම සඳහා පැවැති තරගවලට එක්ව සිටියේ, ඔවුන්ගේ අත්දැකීම් මෙම යොවුන් ක්‍රීඩිකාවන්ට ලබාදීමේ අභිප්රා‘යෙනි.
දැල්පන්දු ආරංචි මාර්ග පවසන පරිදි, පසුගිය ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට (දකුණු කොරියාවේ පැවැති) සහභාගී නොවූ පාසල් ක්‍රීඩිකාවන් සිවුදෙනෙකුට මෙවර ලෝක කුසලාන වරම් හිමිව තිබේ. ඒ අතර කොළඹ විශාකා විද්‍යාලයේ මෙලනි විජේසිංහ, කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ සෙත්මි ධනෝෂි හා සුසීමා බණ්ඩාර මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ නටාෂා අලුවිහාරේ යන ක්‍රීඩිකාවන් යෝජනාවී ඇති බව වාර්තාවේ.
කෙසේ වෙතත් අවසන් ක්‍රීඩිකාවන් 12 දෙනාගේ නම් මේ වනවිටත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යොමුකර ඇති අතර පසුගිය ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට ක්‍රීඩාකළ බහුතරයක් ක්‍රීඩිකාවන් යොවුන් ලෝක කුසලාන අවසන් ක්‍රීඩිකාවන් 12ටද ඇතුළත් කර තිබේ.
මේ අතර නායකත්වය හා උපනායකත්වය සඳහා ක්‍රීඩිකාවන් 05 දෙනෙකුගේ නම් යෝජනා වී ඇති අතර ඊට කවීනා රාජපක්ෂ, නදී මධුෂිකා ප්‍රනාන්දු, මල්ෂා සත්සරණි, සචිනි රොද්‍රිගෝ හා නිලුමි හපුආරච්චි යන ක්‍රීඩිකාවන් ඇතුළත්ව ඇතැයිද අනාවරණය වේ.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
රු. ලක්ෂ 40ක් වංචා කළැයි දඩුවම් සහ වන්දි නියමව සිටි විත්තිකරු ජනපති සමාවෙන් නිදහස්
නව ගුවන් යානය සේවයේ යොදවන ගමනාන්ත
මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න
ගයන්ත අතේ පතේ ගා ගත්තේ නෑ, හඳුන්ගෙන් සහතිකයක්
මෝටර් රථ 3000ක් සමග නැවක් ගිනි ගනියි
ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර හැලෙයි?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd