ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් ශ්‍රී ලංකාව හා පැවැත්වෙන එක්දින තරගාවලියේ තරග දෙකකට පමණක් ක්‍රීඩාකර තරගාවලියේ ඉතිරි තරග වලින් විවේක ගැනීමට කටයුතු කිරීම පිළිබඳව බොහෝ පිරිසකගේ විරෝධය එල්ල වී තිබේ.
ස්ටීවන් ස්මිත්ට පෙර ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය දැරූ මයිකල් ක්ලාක් මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් පවසන්නේ. ස්මිත්ට විවේකයක් අවශ්‍ය වූවානම් ඔහු කළ යුතුව තිබුණේ ටෙස්ට් තරගාවලිය නිමාවෙන් පසුව විවේක ගැනීමට බවයි. එසේම නායකයෙක් තරගාවලියක් ජයග්‍රහණය කර අවසන් වන තෙක් විවේක නොගත යුතු බව තමාගේ කැමැත්ත බවත් ක්ලාක් පවසයි.
එසේම තවත් ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම වත්මන් විස්තර විචාරකයෙකුද වෙන මයිකල් ස්ලේටර් පවසන්නේ ස්ටීවන් ස්මිත් නැවතත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට ගත් තීරණය පිළිබඳව තමාට අදහසක් නැති බවත් නායකයෙකු තරගාවලියක් අවසන් වෙන තෙක් සිටිය යුතු බවත්ය.
එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධනද පවසන්නේ ස්මිත් තරගාවලිය නිමාවීමට මත්තෙන් නැවතත් ඔස්ට්‍රේලියාවට යෑම ගැන තමන් පුදුම වෙන බවයි.
.jpg)
.jpg)
.jpg)