සංචාරක ශ්රී ලංකාව සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්රීඩා කරමින් සිටින දකුණු අප්රිකාව තරගය තෙවැනි දිනට ඊයේ (28) නතර කරන විටදී කඩුළු 5 ක්දැවී ලකුණු 351 ක් රැස් කරගෙන සිටියහ.නොදැවී පන්දුවට පහර දෙමින් සිටි නායක ෆෆ් ඩු ප්ලෙසි ලකුණු 41 ක්ද ක්වින්ටන් ඩි කොක් ලකුනු 42 ක්ද රැස් කරගෙන සිටයහ. දකුණු අප්රිකානු දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු ස්ටිවන් කුක් සිය තෙවැනි ටෙස්ට්්ශතකය රැස්කරමින් ලකුනු 117 කට දැවි ගියේය. පන්දු යැවීමෙන් ධනංජය ද සිල්වා කඩුළු 2 ක් දවා ලීය. ඒ අනුව මේ වන විට දකුණු අප්රිකාව ශ්රී ලංකා පළමු ඉනිමට වඩා කඩුළු 5 ක් අතැතිව ලකුණු 432 ක් ඉදිරියෙන් පසුවේ.
ඊයේ (28) තෙවැනි දිනට තරගය ආරම්භ කරන විටදී කඩුළු 7 ක්දැවී ලකුණු 181 ක් රැස් කරගෙන සිටි ශ්රීලංකා ඉනිමේ ඉතිරි කඩුළු 3 ලකුණු 24 ක් තුළ බිඳ වැටුණු අතර ශ්රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ධනංජයද සිල්වා ලකුණු 43 ක් වාර්තා කලේය.
පන්දු යැවමෙන් වර්නන් ෆිලැන්ඩර් දකුණු අප්රිකාව වෙනුවෙන් කඩුළු 5 ක් බිඳ හෙලීය.
අද (29) තරගයේ සිව්වැනි දිනයයි.