දකුණු අප්‍රිකානු විස්සයි20 නායකත්වය ෆර්හාන් බෙහාර්ඩීන්ට
තරග 03කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු විස්සයි20 තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය ෆර්හාන් බෙහාර්ඩීන්ට ලබාදීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.
13 දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම් කරමින් මෙම පත්වීම සිදුකර ඇති අතර, එහිදී ෆෆ්ඩු ප්ලෙසිස්, හෂීම් අම්ලා, ක්වින්ටන් ඩීකොක්, කයිල් ඇබෙට්, ඒ.බී. ඩිවිලියස්, ජේ.පී.ඩුමිනි, ක්‍රිස් මොරිස්, කාගිසෝ රබාඩා, රවිග් රුසෝ, ඩේල් ස්ටේන් හා ඩේවිඩ් වීස් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට විවේකයක් ලබාදී තිබේ.
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු විස්සයි20 තරගාවලිය සඳහා නම් කළ සංචිතයට ෆර්හාන් බෙහාර්ඩීන්ට අමතරව ඩේවිඩ් මිලර්, ඉම්රාන් තාහිර්, වේන් පාර්නෙල් හා ආරොන් ෆන්ගියෝ යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පමණක් නම් කර ඇති අතර, නවක මුහුණු 06ක් ඇතුළත් වීම සුවිශේෂීය.
දකුණු අප්‍රිකානු විස්සයි20 සංචිතය
ෆර්හාන් බෙහාර්ඩීන් (නායක), තියුනිස් ඩී බ්‍රයන්, රීසා හෙන්ඩ්‍රික්ස්, ඉම්රාන් තාහිර්, හෙයිනෝ කුෂ්න්, ඩේවිඩ් මිලර්, මන්ගලිසෝ මොසේලේ, ලුන්ගි න්හිඩ්, වේන් , පාර්නෙල්, ඩේන් පීටර්සන්, ආරොන් ෆන්ගිසෝ, ඇන්ඩිලි ෆෙලුක්වායෝ, ජොන් ජොන් ස්මට්ක්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

