තණතිලි වෙනස් කළාට ඉන්දියාවට වැඩ වරදියි
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පුනේ හි පැවැති පළමු ටෙස්ට් තරගයට යොදාගත් මහාරාස්ට්‍ර ක්‍රීඩාංගණයේ තණතීරුව දුර්වල තණතිරුවක් බවට එම තරගයේ තරග තිරක ලෙස කටයුතු කළ ක්‍රිස් බොඩ් චෝදනා කර තිබෙනවා.
තණ තීරුවක් දුර්වල වීමට බලපාන කරුණු හතරක් පවතින අතර එහිදී නියමිත දඟ කැවීමට වඩා වැඩි දඟ කැවීමක් පෙන්වන අයුරින් තණ තීරුව වෙනස් කිරීම ඉන්දියාවට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.
මෙම තරගයේ බිඳ වැටුණු කඩුලු 40න් කඩුලු 31ක්ම දවා ගත්තේ දඟ පන්දු යවන්නන් විසින් වන අතර තරගය ලකුණු 333කින් ජයගත්තේද සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.
මෙම චෝදනාවට පිළිතුරු දිම සඳහා ඉන්දියාවට දින 14ක කාලයක් ලබා දී ඇති අතර ඒ සඳහා ඉන්දියාව ලබාදෙන පිළිතුර ඇඟයීම සඳහා අයි.සී.සී. ප්‍රධාන තරග තීරක රංජන් මඩුගල්ලේ විසින් හා අයි.සී.සි. සාමාන්‍යාධිකාරී ජෙෆ් ඇලර්ඩිස් විසින් සිදු කිරීමට නියමිතය.
යම් හෙයකින් ඉන්දියාව මෙම චෝදනා සඳහා වරදකරු වුවහොත් අවවාදයක්, ඩොලර් 15000ක් නොඉක්මවන දඩයක් හෝ ඒ දෙකම පැනවෙනු ඇත. තණ තීරු වෙනස් කිරීම පිළිබඳව ඉන්දියාවට අවස්ථා කිහිපයකදී චෝදනා එල්ල වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

