ඩිවිලියර්ස් ටෙස්ට් පිටියෙන් සමුගනියි?
දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක ඒ.බී. ඩිවිලියර්ස් අගෝස්තු මාසයෙන් පසුව ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනිමට තීරණය කර තිබේ. මීට ඉහතදීත් ඔහු ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත එම තීරණය කල් දැමින.
කෙසේ වෙතත් ඔහු 2019 ලෝක කුසලාන තරගාවලිය තෙක් සීමිත පන්දුවාර තරග සඳහා ක්‍රිඩා කිරිමට නියමිතය. ඩිවිලියර්ස් මේ වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගනු ඇතැයි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ග්රැහැම් ස්මිත්ද පවසා තිබේ.
එසේම ඩිවිලියර්ස් නායකත්වයේ වගකීමෙන් ඉවත්ව ඉදරි ලෝක කුසලාන තරගාවලි දෙකේදී සිය ශක්තිය වැඩි වශයෙන් කණ්ඩායම වෙත යොදවන ලෙසත් ස්මිත් ඩිවිලියර්ස්ට පවසයි.
මෑත ක්‍රිකට් ඉතිහාසයෙ බිහිවූ සුපිරි ප්‍රවේගකාරී පිතිකරුවෙක් වන ඩිවිලියර්ස් මේ වන විට 33 වැනි වියේ පසුවෙයි. ඔහු ටෙස්ට් තරග 106කදී දකුණු අප්‍රිකාව නියොජනය කරමින් ලකුණු 8074ක් රැස්කරගෙන තිබේ. ඉනිමක සාමාන්‍ය 50.46කි. ශතක 21ක් හා අර්ධ ශතක 39ක් ඩිවිලියර්ස් ටෙස්ට් පිටියේ රැස්කරගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

