ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම හිටපු ක්රිකට් නායකයෙකුද වෙන තිලරකරත්න ඩිල්ෂාන් හොංකොංහි පැවැත්විමට නියමිත විස්සයි20 ලීග තරගාවලියකට ක්රීඩා කිරිමට ගිවිසුම් අත්සන්කොට තිබේ.
ඒ අනුව ඔහු එම තරගාවලියේ සිටි කයිටාක් කණ්ඩායමට සිය දායකත්වය ලබාදිමට නියමිතය. තරගාවලිය මාර්තු මස 8 දා සිට 12දා දක්වා පැවැත්වෙයි. තරගාවලියට එක්වීම සඳහා මීට පෙර ශ්රි ලංකාවේ හිටපු නායක කුමාර් සංගක්කාරද ගිවිසුම් අත්සන් කරනු ලැබිය. ඔහු ග්ලැස්ක්සි ග්ලැඩියේිටර්ස් කණ්ඩායමට ක්රීඩා කිරිමට නියමිතය.
පාකිස්තාන හිටපු නායක සහීඩ් අෆ්රිඩී, කොදෙව් හිටපු නයක ඩැරන් සැමී යන ක්රිඩකන් මේ වන විට තරගාවලියට එක්විමට ගිවිසුම් අත්සන් කොට ඇත.