ඩයලොග් අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ සිය නමවැනි පරාජයත් හිමි කර ගැනීමට පොලිස් කණ්ඩායමට සිදු විය. ඒ තරගාවලියේ දසවැනි සතියේ ගුවන් හමුදාව සමග පැවති තරගයෙන් ඔවුන්ට ලකුණු 15-13 ක් ලෙස පරාජයට පත් වීමට සිදු විය.
රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවති තරගයේ පළමු අර්ධයේදීම ගුවන් හමුදා පිටිය ආක්රමණය කිරීමට පොලිස් ක්රීඩකයින් සමත් වූ අතර ගුවන් හමුදා ආරක්ෂක වළලු බිඳ දමමින් පළමු අර්ධය අවසනදී ඔවුන් තරගයේ ඉදිරියට පැමිණීමට සමත් වූයේ ලකුණු 08-00 ක් ලෙසිනි.
කෙසේ නමුත් තරගයේ දෙවැනි අර්ධයේ 15 වැනි මිනිත්තුව දක්වාම ලකුණු ලබා ගත නොහැකිව සිටි සත්කාරක ගුවන් හමුදා ක්රීඩකයින් ඉන් අනතුරැව සිය ප්රතිවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කළ අතර තරගයේ අවසන් මිනිත්තුවේදී වාර්තා කළ උත්සාහක දිනුම ගුවන් හමුදාවට තරගයේ නොතිබූ ජය හිමි කර දිමට සමත් විය.
ජයග්රාහී ගුවන් හමුදා ක්රීඩකයෝ ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් මගින් සිය ලකුනු රුස් කළ අතර පොලිස් ක්රීඩකයෝ උත්සාහක දිනුම් දෙකක් හා දඩුවම් පහරක් ආධාරයෙන් සිය ලකුණු පුවරැව ක්රියාත්මක කළහ.
ගුවන් හමුදා කණ්ඩායම මෙවර තරගවාරයේදි ලැබූ පස්වැනි ජයග්රහණය ලෙසින් මෙය වාර්තා විය.
ඡායාරූප - ඕෂිත වරකපිටිය