කොදෙව්වන් ඉදිරියේ කැන්ගරුවෝ පසුබසිති
බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකා හා ඔස්ට්‍රේලියා තුන්කොන් ඉක්දින ක්‍රිකට් තරගාවලියේ අද (14දා) අළුයම (මෙරට වේලාවෙන්) අවසන් වූ තරගයකින් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර කඩුලු 04ක පහසු ජයක් ලැබීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.
දිවා රාත්‍රී තරගයක් ලෙස ශාන්ත කිට්ස්හි වෝනර් පාර්ක් ක්‍රීඩාංගණයේ ඊයේ (13දා) පැවති මෙම තරගයේ ලකුණු 266ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කොදෙව් පිතිකරුවෝ තරගයේ 45.4 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය. කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය මාලන් සැමුවෙල්ස් ලකුණු 92 ක් රැස්කිරීමට සමත්විය.
කොදෙව් කණ්ඩායමේ ඇරයුමෙන් මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසනදී කඩුලු 07ක් දැවී ලකුණු 265ක් රැස්කිරීමට සමත්විය.
තරගයේ වීරයා ලෙස මාලන් සැමුවෙල්ස් සම්මාන දිනාගත්තේය.
මාලන් සැමුවෙල්ස්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

