ක්‍රීඩා පනතේ රෙගුලාසි සංශෝධනය සඳහා විශේෂ මහා සභා රැස්වීම් පවත්වන දින වකවානු සතියක ඇතුළත ලබානොදෙන ක්‍රීඩා සංගම්වලට එරෙහිව පියවර ගැනීමට පසුබට නොවන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (02දා) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති 2017 වසරේ ක්‍රීඩා දින දර්ශනය එළිදැක්වීමේ හා ජාත්‍යන්තර තරග ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමේ උත්සවයේදීය.
එහිදී බහුතර ක්‍රීඩා සංගම්වල ක්‍රියාකාරීත්වය දැඩිව විවේචනය කළ ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේ ක්‍රීඩා සංගම්වල බැංකු ගිණුම් අංක ලබානොදුන් හා ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේ ක්‍රීඩා සංගම් ගොඩනැගිලි පරිහරණය නොකරන ක්‍රීඩා සංගම්වලට එරෙහිව පියවර ගෙන ඒවා විධිමත් කිරීමට කටයුතු කරන බවයි.
ඒ පිළිබඳ වැඩිදුර අදහස් පළ කළ ක්‍රීඩා අමාත්‍යවරයා,
ඒ වගේම අපි පහුගිය කාලයේ ජාත්‍යන්තර හා ජාතික ඔලිම්පික් කමිටු සමග සාකච්ඡා කර ක්‍රීඩා පනතේ රෙගුලාසි සංශෝධනය අවසන් කළා. එහිදී අපි ඉල්ලා හිටියා සියලුම සංගම්වලින් විශේෂ මහා සභා රැස්වීම්වලදී සංශෝධිත ව්‍යවස්ථා තීරණය කරන දිනය දන්වන්න කියලා. සංගම් ස්වල්ප ප්‍රමාණයක් පමණයි ඒ සම්බන්ධව විස්තර අපට ලබාදීලා තියෙන්නේ. අපි සියලුම ක්‍රීඩා සංගම්වලට දන්වන්න කැමතියි මේ සංශෝධන ගැන කල්පනා කර කර ඉන්නේ නැතුව විශේෂ මහා සභාවට දිනයක් දාගන්න කියලා.
එතකොට දින 40 ක් විතර තිබෙනවා. ලබන සතිය ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා. මීට අදාළ අනෙකුත් රෙගුලාසිත් එකතු කරලා සම්පූර්ණයෙන් අවසන් කරන්න. අපි ලබන සතියේ මෙය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවලා ගැසට් කරනවා.ලංකාවේ ක්‍රීඩා සංගම් 60 ක් තිබෙනවා. ඉන් 10කටත් අඩු ප්‍රමාණයක් තමයි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ස්ථිර දින ප්‍රකාශ කරලා තියෙන්නේ. 2017 වසරේදී මේ විදිහට මාත් සමග සෙල්ලම් කරන්න සූදානම් වන්න එපා" යැයි පවසා සිටියේය.
මෙහිදී ජාතික ක්‍රීඩා සංගම්වල තොරතුරු යාවත්කාලීන නොවීම හා බැංකු ගිණුම් අංක ක්‍රීඩා අමාත්‍යාංශයට ලබානොදුන් සංගම්වලට එරෙහිව පියවර ගැනීමට සූදානම් බවද ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේය.
"අපි ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජීවිත රක්ෂණාවරණයක් ලබාදෙන්න යෝජනා කළා. එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ තොරතුරු ලබා දී තිබෙන්නේ සංගම් 06 ක් පමණයි. ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමාත්‍යාංශය වශයෙන් අපි රක්ෂණවරණයක් ලබාදෙන්න හදනකොට ඊට අදාළ තොරතුරු ලබානොදෙන්නේ නම් එහි විශාල අර්බුදයක් පවතිනවා. සති දෙකක් ඇතුළත එම තොරතුරු ලබානොදෙන්නේ නම් තොරතුරු ලබාදුන් සංගම් සමග එකතුව වැඩ කටයුතු කරනවා. අනෙක් සංගම්වල ක්‍රීඩක ක්‍රීඩකාවන්ගේ වගකීම් එම සංගම්වලටම පවරනවා" යැයිද හෙතෙම සඳහන් කළේය.
2017 වසර සඳහා එළිදැක්වුණු ක්‍රීඩා දින දර්ශනයට අනුව සියලු තරගාවලි පැවැත්වීම සිදු කළයුතු බවත්, ඉන් පිටස්තර තරගාවලි සඳහා කිසිදු අනුමැතියක් ලබානොදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
ඡායාරූප ඉසුරු පෙරේරා