2020 වසරේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය හිමි ජපානය එම තරගාවලියේ ජයග්‍රාහකයන් වෙනුවෙන් ලබාදෙන රන්, රිදී හා ලෝකඩ පදක්කම් ඔවුන්ගේ ඉලොක්ට්‍රොනික අපද්‍රව්‍ය හරහා නිශ්පාදය කිරීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යනය කරමින් සිටින බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.
මේ පිළිබඳ අදහස ජපාන ඔලිම්පික් කමිටුව විසින් එරට රජයට හා පෞද්ගලික සමාගම් වලට ලබාදී ඇති බවද එම පුවත් සේවය පවසයි.
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වල පවතින වටිනා ලෝහ වන ප්ලැටිනම්, රත්රන්, රිදී ලිතියම්, නිකල් වැනි දෑ යොදාගනිමින් ඔවුන් මෙසේ පදක්කම් නිර්මාණය කිරීමට ඇති හැකියාව පිළිබඳව අධ්‍යයන කරමින් සිටියි.
සාම්ප්‍රදායිකව ඔලිම්පික් තරගාවලියක සත්කාරකත්වය ලබාගත් රටේ පතල් වලින් කැණීම් කරමින් ලබගත් ලෝහ වලින් එම ඔලිම්පික් තරගාවලියේ පදක්කම් නිර්මාණය කිරීම සිදුවෙයි. කෙසේ වෙතත් ජපානයට මෙවැනි ස්වාභාවික සම්පත්වල හිඟයක් පවතින නිසාත් ප්‍රතිචක්‍රීකරණයේ තවත් අඩියක් ඉදිරියට තැබීමක් වශයෙන් සලකමිනුත් ඔවුන් මෙම නව අදහස ඉදිරිපත් කර තිබේ.
ස්මාට් ජංගම දුරකතන, ටැබ්ලට් පරිගණක, මෝටර් රථයන්හි පවතින විවිධ කොටස්, නිවාසයන්හි භාවිතයට ගන්නා ශීතකරණ හා වායුසමීකරණ යන්ත්‍ර ආදියෙන් මෙම ලෝහ ලබාගැනීමට ජපානය සූදානම් වෙයි.
එසේම මේ වන විටත් එවැනි ඉලොක්ට්රොකික අපද්‍රව්‍ය වලින් වටිනා ලෝහ වෙන්කිරීම මහා පරිමාණ වශයෙන් ජපානයේ සිදුවෙන බවද බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.

