ශ්රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය වීරයන් බිහිවිය හැකි සංචාරයක් බවත්, එම තරගාවගලිය 1-0ක් ලෙස පරාජයට පත්වුවහොත් එයද ශ්රී ලංකා කණ්ඩායමේ ජයග්රහණයක් බව ප්රවීණ ක්රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පවසයි.
විස්ඩන් ශ්රී ලංකා බෙව් අඩවිය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.
“එංගලන්ත සංචාරය අමාරු සංචාරයක්. නමුත් මම කියන්නේ මේ සංචාරය වීරයන් බිහිවිය හැකි සංචාරයක්. මේක ශ්රී ලංකාව නැවතත් හිටිය තත්ත්වයට එන්න සටන් කරන සංචාරයක්. එංගලන්තය හදන්නේ ශ්රී ලංකාව අපහසුතාවට පත්කරවන්නයි.
අන්තිම ටෙස්ට් තරගය තියෙන්නේ ලෝඩ්ස් පිටියේ. ශ්රී ලංකා කණ්ඩායම එහාට අරන් ගිහින් බිමට ඇඳ දමන්නයි හදන්නේ. මේ කණ්ඩායම පළපුරුද්දෙන් අඩු කණ්ඩායමක්. ඒ අය එංගලන්තයේ ගොඩක් ක්රීඩා කරලා නෑ. එක්කෙනෙක්ට දෙන්නෙක්ට ඉදිරියට ඇවිත් තරග එකක් දෙකක් ශ්රී ලංකාව බේරා ගැනීමට මෙහිදී යමක් කළ හැකියි.
අපි පරාජයට පත්වුණොත් පුදුම විය යුතු නෑ. නමුත් තරගාවලිය විසඳුමකින් තොරව අවසන් කිරිමට හෝ 1-0ක් පරාජය වුවහොත් එයත් ජයග්රහණයක්.”
VIDEO
විස්ඩන් ශ්රී ලංකා ඇසුරෙනි